වීසා නොමැතිව මෙරට රැඳී සිටි 5 දෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-05-2019 | 9:28 AM
COLOMBO (News 1st) - වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 28 හා 32 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි. ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පන්නල පොලීසියට භාර දී තිබේ.