පොලිස් බල ප්‍රදේශ තුනකට යළිත් පොලිස් ඇඳිරි නීතිය

චවලකඩේ, කල්මුණේ සහ සමන්තුරේට අද රාත්‍රියේ ත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 01-05-2019 | 5:13 PM
COLOMBO (News 1st) : කල්මුණේ, සමන්තුරෙයි සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට අද (1) රාත්‍රී 9.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට (2) උදෑසන 5.00 දක්වා එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය බලාත්මක  වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.