ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-05-2019 | 6:50 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ හා සෝදිසි කිරීම්වලදී ප්‍රාදේශීය දේශපාලනඥයින් හා ඔවුන්ට සම්බන්ධ කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටී. 2. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව තමන් වෙත ලැබීමෙන් පසු එම තොරතුරු සියලු පාර්ශවයන්ට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව නඩුව ලබන මස 29 දක්වා ඊයේ කල් තැබිණි. 4. වෙඩි නොවදින රථයක් තමාට ලබා දීමට කටයුතු කළ බවත් තමාට එසේ වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නොවන බැවින් එය ප්‍රතික්ෂේප කළ බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. 5. කැකිරාව, ඉහළපුලියංකුලම මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ලොස් ඇන්ජලීස් නුවර රැළියකට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කර පුද්ගලයන් රැසක් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ අමෙරිකාවේ හිටපු හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි.