කන්තලේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කන්තලේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 01-05-2019 | 7:43 AM
COLOMBO (News 1st) - අඹේපුස්ස - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කන්තලේ 97 ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, කළු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුරින් ලොරි රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ 23 සහ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කන්තලේ මූලික රෝහලට සහ තඹලගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.