by Staff writer 01-05-2019 | 6:57 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන බල සේනාංකය අද දවස පුරා අකුරණ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය.
පොලීසියේ ද සහය ඇතිව ප්‍රදේශය පුරා සිදුකරන මෙම සෝදිසි මෙහෙයුම් අතරතුර අද පස්වරුව වනවිට සැකකටයුතු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී ආරක්ෂක අංශ භාරයට ගත් භාණ්ඩ අතරට ගිනි අවියක්, ව්‍යාජ ලෙස සැකසූ වාහන අංක තහඩු තොගයක් හා උප්පැන්න සහතික තොගයක් මෙන්ම සැකකටයුතු යතුරු පැදියක් ද අයත් ය.
මීට අමතරව නිවසක තිබී මෙරට වෛද්‍යවරුන් භාවිත නොකරන ලේ සාම්පල ලබා ගන්නා එන්නත් කටු තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මේවා කුමන අරමුණක් වෙනුවෙන් භාවිත කිරීමට යොදා ගත්තේ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඊට අමතරව බෝම්බ නිෂ්පාදන කිරීමට යොදා ගන්නා බවට සැක කෙරෙන පරිපථ 150ක් පමණ ද සිය භාරයට ගත් බව ආරක්ෂක අංශ සඳහන් කළේ ය.
අකුරණ ප්‍රදේශයේ ස්ථාපනය කර තිබූ තවුහිත් ජමාත් සංවිධානයේ කාර්යාලයක් ද ආරක්ෂක අංශ සෝදිසි කළ අතර එහි තිබී සංයුක්ත තැටි තොගයක්, වීඩියෝ කැමරා 4ක්, දැන්වීම් පත්‍රිකා තොගයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
https://www.youtube.com/watch?v=Gmq-Y3mdHzE