PTL සභාපති ඇතුළු සැකකරුවන් 8 දෙනාගේ නඩුව කල් යයි

PTL සභාපති ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහි නඩුව කල් යයි

by Staff writer 30-04-2019 | 5:30 PM

COLOMBO (News 1st) - පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව නඩුව ලබන මස 29 දක්වා අද කල් තබා තිබේ.

අද දින නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදීයි. 2015 පෙබරවාරි 27 වන දා පැවති බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය දත්ත උපයෝගී කරගෙන, අයුතු ලෙස මුදල් උපයා ගැනීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැණුනි. අද පස්වරු 1.30 ට නඩුව ආරම්භ කළ අවස්ථාවේ, හත්වැනි සැකකාර චිත්‍රරංජන් හුළුගල්ලේ නැමැත්තා අද දින අධිකරණයේ පෙනි නොසීටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර පස්වරු 2.00 ට පමණ ඔහු පැමිණීම හේතුවෙන් වරෙන්තුව ආපසු කැඳවනු ලැබුවේ ය. අනතුරුව නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටින්නැයි සැකකරුට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා ය.