NTJ සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබා ප්‍රශ්න කෙරේ

NTJ සංවිධානයේ සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 30-04-2019 | 5:08 PM

COLOMBO (News 1st) - කොළඹ බුද්ධි කොට්ඨාසය විසින් කොටහේන මැසෙන්ජර් විදියේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දී තිබේ.

ඒ, මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් දෙදෙනා සන්තකයේ තිබි සංයුක්ත තැටි, ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇත. අධිකරණය පොලීසියට අවසර ලබා දුන්නේ, ලබන 02 වැනි දා දක්වා සැකකරුවන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීමටයි.