සහ්රාන්ගේ සමීපතමයෙකු මරඳමුණේදී අත්අඩංගුවට

සහ්රාන්ගේ සමීපතමයෙකු මරඳමුණේදී අත්අඩංගුවට

by Staff writer 30-04-2019 | 9:32 AM
COLOMBO (News 1st) : කල්මුණේ, මරඳමුණ, අස්රොෆ් පාර ප්‍රදේශයේ වැටලීමකදී ත්‍රස්තවාදී බෝම්බකරුවෙකු වන සහ්රාන් සමග සමිප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ආගමික පොත්පත් ලෙස අනුමාන කළ හැකි ග්‍රන්ථ 3 ක්, ජංගම දුරකතන, සිම්කාඩ් ඇතුළු තවත් උපකරණ රැසක් සිය භාරයට ගත් බවයි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. මේ අතර අම්පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී අන්තවාදී ත්‍රස්ත කල්ලියක් වන ISIS සංවිධානයේ නායකයන්, එහි සාමාජිකයින්ගේ හා පසුගිය දිනවල සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකතනවලට ඇතුළත් කර බෙදාහැරීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.