වැල්ලම්පිටියේ නිවසක් විශේෂ පරීක්ෂාවකට

වැල්ලම්පිටියේ නිවසක් විශේෂ පරීක්ෂාවකට

by Staff writer 30-04-2019 | 5:46 PM

COLOMBO (News 1st) - වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක් අද පස්වරුවේ පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඒ, පසුගිය දා දෙහිවල ප්‍රදේශයේ හෝටලයකදී බෝම්බයක් පුපුරවාගත් පුද්ගලයා එම නිවසේ ද රැඳී සිටි බවට ලැබුණු තොරතුරක් මතයි. නිවසේ තිබී මේ වන විට කිසිවක් හමුවී නොමැති අතර පොලීසිය සඳහන් කළේ, අදාළ නිවස ඉදිරි පරීක්ෂණ සඳහා මුද්‍රා තැබීමට පියවර ගත් බවයි.