අහසට තැබූ වෙඩිල්ල නැවතුණු තැන..

බැලුම්මහරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

by Staff writer 30-04-2019 | 9:05 AM
COLOMBO (News 1st) : බැලුම්මහර ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද අලුයම 3.45 ට සැකකටයුතු ලෙස බෑගයක් රැගෙන ගිය පුද්ගලයෙකු නවතා ගැනීම සඳහා බැලුම්මහර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි තබා ඇති බවයි. එහිදි එම උණ්ඩය විදුලි කණුවක ගැටී අසල බස් නැවතුම් රැඳී සිටි පුද්ගලයෙකුගේ ගෙල ප්‍රදේශයට වැදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබූ වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචි 43 පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසී ය. බෑගය රැගෙන පැමිණි පුද්ගලයා පලාගොස් ඇති අතර එහි සිටි තාරාවන් දෙදෙනෙකු සහ කුකුළෙකු හමු වූ බව පොලීසිය සඳහන් කළේ ය.