පොලීසිය සෙවූ තවත් ලොරියක් සොයාගනී

පාස්කු ඉරිදා ප්‍රහාරය : පොලීසියට අවශ්‍ය කර තිබූ ලොරියක් සොයාගනී

by Staff writer 30-04-2019 | 12:25 PM
COLOMBO (News1st) : පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී පොලීසිය භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අංක EPPX -299 දරණ ලොරි රථය එලෙස පොලීසිය භාරයට ගත් බවයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් ති දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.