by Staff writer 30-04-2019 | 2:16 PM
COLOMBO (News 1st) : කැකිරාව, ඉහළපුලියංකුලම මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය දා කල්මුණේ නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය සැකකරුවන් එම වෑන් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
250/5680 දරණ අංකය යටතේ ලියාපදිංචි කර ඇති අදාළ වෑන් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.