කනගරායම් ප්‍රදේශයේ STF වැටලීමක්...

කනගරායම්හි වැටලීමකින් යුද උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

by Staff writer 30-04-2019 | 1:36 PM
COLOMBO (News 1st) : කනගරායම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වල දමා තිබූ යුද උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, අවන්හල් භූමියක ගැහැණු සහ පිරිමි වැසිකිළි දෙකක් අතර ආවරණය කර ඇති කොටසක, පත්තර සහ ඊයම් කොළ මගින් ආවරණය කර එම යුද උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය වල දමා තිබූ බවයි. එහි තිබූ ජීව අත්බෝම්බයක්, පුද්ගල නාශක බිම් බෝම්බ 3ක්, ආර්.පී.ජී. උණ්ඩයක්, පතුරම් 15 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, අවන්හලේ හිමිකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වවුනියාව නොවිසඳුණු අපරාධ ඒකකය වෙත භාරදුන් බවයි.