අගරදගුරුතුමන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි

by Hashini De Mel 30-04-2019 | 4:41 PM

COLOMBO (News 1st) - වෙඩි නොවදින රථයක් තමාට ලබාදීමට කටයුතු කළ බවත් තමාට එසේ වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නොවන බැවින් එය ප්‍රතික්ෂේප කළ බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මෙහිදී තමාගේ ආරක්ෂාවට වඩා රටේ ආරක්ෂාව වැදගත් බව කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබේ. කාදිනල් හිමියන් මේ බව පැවසූවේ, කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය. ඊට අමතරව කතෝලික දේවස්ථානයන්හි නැවතත් ඉරිදා දේවමෙහෙය මැයි 5 වන දා සිට ආරම්භ කරන බව ද කාදිනල් හිමියන් පැවසීය.