by Staff writer 29-04-2019 | 5:10 PM
COLOMBO (News 1st) - ෆොනී සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 03 වැනි දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළගේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව පළාත්වල හා මන්නාරම හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දිවයින හරහා මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 60 -70 දක්වා තද සුළං ඇති විය හැකියි.
මේ අතර ලබන 01 වැනි දා දක්වා දිවයිනට නිරිත, දකුණු, ගිණිකොන, නැගෙනහිර, ඊසාන හා උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.