වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කෙරේ

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කෙරේ

by Sagarika Chathumali 29-04-2019 | 12:11 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,  වැඩ බලන පොලිස්පතිවරයා අද උදෑසන ජනාධිපතිවරයා අතින්  ඊට අදාළ පත්වීම් ලිපිය ලබා ගත් බවයි. මීට අමතරව හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  මහතා ද ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස  පත් කර තිබේ. මේ අතර නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස  ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නීතිපති ලෙස පත් කර ඇත. අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිවරයා ලෙස පත්කරනු ලැබී ය.