නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම් ලෙස ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කෙරේ

by Staff writer 29-04-2019 | 3:09 PM

COLOMBO (News 1st) - නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශාන්ත කෝට්ටේගොඩ මහතා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම ලබා ගත් බවයි. 1970 වසරේ යුද හමුදාවට එක්වූ ශාන්ත කෝට්ටේගොඩ මහතා 2004 - 2005 කාල සීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු තායිලන්තය, බ්‍රසීලය ඇතුළු රටවල්වල තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.