by Staff writer 28-04-2019 | 12:27 PM
COLOMBO (News 1st) - මාතලේ, උකුවෙලදී ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, කඩු, අලි වෙඩි, පතරොම්, විවිධ ආයතන නමින් සකස් කළ රබර් මුද්‍රා, සිම්පත් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගත් බවයි.
එම භාණ්ඩවලට අමතරව පුද්ගලයින්ගේ ඡායාරූප 153 ක් එම ස්ථානයෙන් තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි උකුවෙල පදිංචිකරුවෙකි.
ඔහු අද මාතලේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.