by Staff writer 28-04-2019 | 9:58 AM
COLOMBO (News 1st) - පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් වන්නේ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බවයි.