පොලිස් බල ප්‍රදේශ 3කට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 28-04-2019 | 5:26 PM
COLOMBO (News 1st) : කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට අද (28) පස්වරු 5.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශවලට අද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර දීප ව්‍යාප්තව පැය 24 ක් තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලීසිය , හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.