by Staff writer 28-04-2019 | 10:14 AM
COLOMBO (News 1st) - කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු10.00 ට ඉවත් කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද සවස 5.00 සිට නැවතත් එම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනු තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.
මේ අතර එම ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ත්‍රස්තවාදී බෝම්බකරුවෙකු වන සහරාන් හස්මිගේ රියැදුරු ලෙස කටයුතු කළ ගෆුර් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම්වලදී මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළේ සාමාජිකයින් දෙදෙනා ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනීමට පොලීසියට හැකි විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම පොලිස් නිලධාරීන් දෙදෙනාට අයත් එක් ගිනි අවියක් නින්දපුර් ප්‍රදේශයේදී සොයාගත් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව වනාතවිල්ලුව ප්‍රදේශයේ එම ත්‍රස්තවාදීන්ට අයත් ආරක්ෂක නිවස්සන පිටුපස කැළැවක වලදමා තිබූ බැරලයක තිබී අනෙක් රිවෝල්වරය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එහි තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 6 ක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.