අමෙරිකාවේ ආගමික ස්ථානයක වෙඩි තැබීමක්

අමෙරිකාවේ ආගමික ස්ථානයක වෙඩි තැබීමක්

by Staff writer 28-04-2019 | 8:24 AM

News 1st - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආගමික ස්ථානයක් තුළ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් කාන්තාවක මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුර වෙඩි තැබීම සිදු ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් 19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, එය වෛරය පදනම් කරගත් ප්‍රහාරයක් බවයි. මීට මාස හයකට පමණ ඉහතදී යුදෙව්වන්ගේ ආගමික ස්ථාන ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමකින් ද පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියහ.