ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්..

අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධා වන මුහුණු ආවරණ භාවිතය හෙට (29) සිට තහනම්

by Sagarika Chathumali 28-04-2019 | 10:21 PM
COLOMBO (News 1st) : මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ, හදිසි අවස්ථා නියෝග යටතේයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹි බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ අදාළ නිවේදනය පහතින්...