අද ත් රට පුරා සෝදිසි මෙහෙයුම්..

අද ත් රට පුරා සෝදිසි මෙහෙයුම්..

by Staff writer 28-04-2019 | 9:16 PM
COLOMBO (News 1st) : පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව අද දිනයේ ත් රටපුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ය. ගතවූ පැය 24 තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ අතර ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ද වන බවයි. මේ අතර පොළොන්නරු මින්නේරිය සී.පී. පුර ප්‍රාථමික විදාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට තිබූ සැක සහිත පාර්සලයක් මින්නෙරිය පොලීසිය , යුද හමුදා සාමජිකයින් පැමිණ රාත්‍රි 12.00ට පමණ ආරක්ෂිත පිපිරවීමක් සිදු කළේ ය. අනතුරුව අනාවරණය වූයේ පුපුරණ දව්‍ය කිසිවත් එහි තිබී නොමැති බවයි . අප වර්තාකරු කියා සිටියේ එහි දැවි ගිය අළු හා ගෝනි කැබලි කිහිපයක් හා වයරයක් තිබූ බවයි. විශේෂ කාර්ය බලකාය , යුද හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව අද අලුයම 05 ට පමණ පොලොන්නරුව පුලස්ථිපුර පෙලිස් වසමේ ,තබාල හා රිෆායි පුර යන ගම්මානවල සොදිසි මෙහෙයුමක නිරත වූහ. අප වර්තාකරු සඳහන් කළේ, එහිදී සැකකටයුතු පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. මාතලේ ගලේවෙල එනමල් පොත හා නාවුල අලුත්ගම ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් සැකකටයුතු ලෙස නිවසක සඟවාගෙන තිබු බස්නාහිර පළාතේ ලියාපදිංචි කළ යතුරු පැදියක් හා මොටර් රථයක් පොලීසිය භාරයට ගත්තේ ය. කල්පිටිය කලපු තීරයේ අන්නමුන්දල් ප්‍රදේශයේ කළපුව ආසන්කයේ දමා ගොස් තිබියදි අරාබි අකුරු ඇතුළත් දැන්විම් තොගයක් හා පොස්ටර් තොගයක් කල්පිටිය පොලීසිය අද සොයා ගත්තේ ය. අද උදෑසන වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පොලීසිය සෝදිසි මේහෙයුමක නිරත විය. මෙහිදී නිවසක් තුළ බෑගයක අසුරා තිබු රුපියල් එක්කොටි 21 ක් ලක්ෂයක මුදලක් සොයා ගත්තේ ය. එහිදි ආදාළ මුදල් සමග නිවසේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදැසන පොලීසිය ඇහැලියගොඩ අස්ගගුල ප්‍රදේශයේ සිදු කල සොදිසි මේහෙයුමකදි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුදහමුදා ටී ෂර්ටයකින් සැරසි සිටි පුද්ගලයකු අද බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානය ඉදිරිපිටදි අත්අඩංගුවට පත් වුණා සැකකරු යුධ හමුදාව විසින් භාරයට ගෙන පසුව බදුල්ල පොලිසිය වෙත භාර දුන්නා මේම පුද්ගලයාගේ අන්‍යතාව තහහුරු කිරිම සදහා කිසිදු ලේඛනයක් ඔහු සතුව නොතිබු බව පොලිසිය සදහන් කළා. විසා නොමැතිව මෙරට රැදි සිටි නයිජිරියයානු ජාතිකයින් 06 දෙනෙකු අද ගල්කිස්ස වටරප්පල පාර පල්ලිය පාර ප්‍රදේශයේ දි පොලිස් අත්අඩංගුවට පත් වුණා අප වර්තාකරු සදහන් කලේ මුස්ලිම් දෙවස්ථානය විසින් පොලිසිය දැනුවත් තිරිමෙන් අනතුරුව ගල්කිස්ස පොලිසිය මේම වැටලිම කල බවයි. පොලීසිය පවසන්නේ ක්‍රෙඩිට්කාඩ්පත් වංචාවකට සම්බන්ධ පුද්ගලයකු ද ඒ අතරවන බවයි. ත්‍රිකුණාමලය කින්නියාහි සමාවාච්චන්තීවු ගම ප්‍රදේශයේ ආක්ෂක අංශ විශේෂ ‍සෝදිසි මෙහෙයුමකට ලක් ක‍ළේ ය. මෙහිදි ගම්මානයේ පවුල් 696 ක් පමණ කින්නියාහි අශ්‍රාෆා විද්‍යාලයේ රදවා තබම්න් සෝදිසි මෙහෙයුමක් සිදු කළ අතර මෙහිදී කුඹුරක දමා ගොස් තිබූ දුර දක්න 08 ක් පමණ සොයා ගත්තේ ය. යාපනය පහේ හංදිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් අද පොලිස් විශේෂ කාර්ය බලකායේ පරික්ෂාවට ලක් විය. මෙහිදි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට පත්වූහ. එම ප්‍රදේශයේදීම යාපනයන පොලීසිය සිදු කළ විමර්ශනයකදී අලුතින් ඉදිකළ නිවසක භූගත කාමරයක් සොයා ගෙන තිබේ. කිලිනොච්ච් ධර්මපුරම් ප්‍රදේශයේ පොලීසිය හා යුද හමුදාව එක්ව ක්‍රියාත්මක කළ සෝදිසි මේහෙයුමකදී ජංගම දුරකතන 06 ක් හා හමුදා නිල ඇඳුමට සමාන ඇදුම් කට්ටලයක් ද සොයා ගත්තේ ය. නුවරඑළිය ළිඳුල ප්‍රදේශයේ සැක කටයුතු අයුරින සැරි සැරු මොටර් රථයක් හා එහි සිටි පුද්ගලයන් තිදෙනකු අද පොලිස් ළිඳුල පොලීසිය විසින් අත්අංගුවට ගනු ලැබ තිබේ. එම ප්‍රදේශයේ ම සිදුකළ පොලිස් සොදිස් මේහෙයුමකදී සැකටයුතු යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය කියා සිටියේ ය. https://www.youtube.com/watch?v=CQOgKWyjvtw