කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

කර්තෘ Sagarika Chathumali

28 Apr, 2019 | 5:26 pm

COLOMBO (News 1st) : කල්මුණේ, සමන්තුරේයි සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට අද (28) පස්වරු 5.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

සෙසු ප්‍රදේශවලට අද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර දීප ව්‍යාප්තව පැය 24 ක් තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලීසිය , හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]