by Staff writer 28-04-2019 | 6:51 AM
COLOMBO (News 1st) - කල්මුණේ, සායින්දමර්දු ගම්මානයේ නිවසක සිදුවූ පිපිරීම් සහ ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් මියගිය ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහිදී මියගිය පුද්ලගලයින් 15 දෙනෙකුගේ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ පැවැත්වූ බවයි.
ඒ අතර පිරිමි පුද්ලයින් 06 ක් කාන්තාවන් 03 ක් හා කුඩා දරුවන් 6 දෙනෙකුගේ සිරුරු වේ.
පසුගිය දින කිහිපයේ සිදු කළ විමර්ශනවලදී අදාළ ත්‍රස්ත කණ්ඩායම් නැගෙනහිර පළාතේ රැඳී සිටි නිවාස 4 ක් හඳුනා ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
මේ අතර නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ නැගෙනහිර පළාතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.