C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙකු නාවික හමුදා භාරයට

by Staff writer 27-04-2019 | 7:20 AM

COLOMBO (News 1st) - වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී සී - ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, එහිදී සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.