මස්කෙළියේදී පිහි 49ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මස්කෙළියේදී පිහි 49ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 27-04-2019 | 4:42 PM
COLOMBO (News 1st) - මස්කෙළිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පිහි 49ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගබඩා කාමරයක් තුළ ඒවා සඟවා තිබියදී සොයා ගත් බව ය. එහි තිබී පොරෝ කිහිපයක් ද සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.