by Staff writer 27-04-2019 | 8:20 PM
COLOMBO (News 1st) - මෙරට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සෞදී අරාබි ගුවන් සේවයේ සේවකයින් දෙදෙනෙකුගේ දේහයන් අද එරරට රැගෙන යනු ලැබී ය.
සෞදි ගුවන් සේවයේ ගුවන් කුටියේ කළමනාකරු අහමඩ් සෙයින් ජෆාරි සහ ගුවන් යානා සේවක හනී මාගට් ඔත්මාන් යන විදේශිකයින් මෙරට හෝටල් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන හාජර් අසීස් අද සෞදි අරාබියට ළඟා වූවා ය.
ඇය සෞදි අරාබියට ළඟා වූ විට සිය දරු දෙදෙනා වැළඳ ගන්නා ඡායරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අනතුරුව ඇය රෝහල්ගත කර බව එරට මධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා සෞදි ගුවන් සේවාවේ අධ්යක්ෂ ජනරාල් සාලේ බින් නාසර්අල් ජාසර් මිය ගිය ගුවන් සේවකයින් දෙදෙනාගේ සේවාව අගය කර ඔවුන් සිය ගුවන් සමාගමටත් සෞදී රජයටත් ඉහළ සේවාවක් කළ බව ප්‍රකාශ කර තිබේ.