by Staff writer 27-04-2019 | 5:16 PM
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර එල්ල කළ කණ්ඩායම් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු දුම්මලසූරිය, ඇතුල්ගහකොටුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 38 හැවිරිදි මොහොමඩ් සනාස්ඩීන් නමැත්තෙකි.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ය.
ඔහුගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කළ බව ද පොලීසිය පැවසුවේ ය.
මේ අතර මහනුවර, දවුලගල ප්රදේශයේදී ප්රශ්න කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මීවලදෙණිය හා අමතරඇල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුගෙන් පැය 72ක් රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
අනෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසුවේ ය.