ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-04-2019 | 1:20 PM

COLOMBO (News 1st) - ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කරන බවයි. ඔවුන් සතුව තිබි කඩුවක් ද සොයාගෙන ඇත. අද උදෑසන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයින් එක් ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.