කොළඹ නගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදියේ සිද්ධියට සම්බන්ධව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

by Staff writer 27-04-2019 | 12:01 PM

COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබී තියුණු ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබියදී කඩු 46 ක්, කිනිසි 15 ක් සහ යුද හමුදා නිල ඇඳුම් 25 ක් පොලීසිය භාරයට ගත්තේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.