අම්පාරේ නිවසකින් ආයුධ තොගයක් හමුවේ

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට යොදා ගන්නා උපකරණ තොගයක් සොයා ගැනේ

by Staff writer 27-04-2019 | 5:00 PM
COLOMBO (News 1st) - අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ නිවසක කළ පරීක්ෂාවකදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා යකඩ බෝල සවි කළ තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, නින්දවූර් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම පරීක්ෂාව සිදු කළ බව ය. අදාළ නිවසේ තිබී සොයා ගත් උපකරණ අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා යකඩ බෝල සවි කළ තහඩුවට අදාළ සුවිච්, උල් පිහියක් ද වේ.