අද රාත්‍රී 10.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 10.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 27-04-2019 | 4:26 PM
COLOMBO (News 1st) - අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට අඛණ්ඩව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ය.