කල්මුණේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තිදෙනෙකු මරුට

කල්මුණේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තිදෙනෙකු මරුට

by Staff writer 27-04-2019 | 6:59 AM

COLOMBO (News 1st) - කල්මුණේ, සායින්දමර්දූ ප්‍රදේශයේදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් ප්‍රහාරකරුවන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු මියගොස් ඇතැයි යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඉන් තව ත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ අතර කල්මුණේ, සායින්දමර්දූ ප්‍රදේශයේදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බවයි. මේ අතර සමන්තුරේ, සෙන්නල් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ. පසුගිය පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය.