by Staff writer 27-04-2019 | 10:26 AM
News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර හමුවක් සිදු විය.
ඒ, ධවල මන්දිරයේදී යි.
අමෙරිකානු ජනපති ආර්යයා මෙලනියා ට්‍රම්ප්ගේ උපන් දින සාදයට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේ එම හමුව සිදු ව තිබුණි.
ලබන මැයි මාසයේ ජපානයේ සංචාරයක නිරත වන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී තහවුරු කළේ ය.
එම සංචාරයේදී අමෙරිකා - ජපාන වෙළෙඳ ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.