"ලාංකිකයින් රැසක් IS සමග කටයුතු කළ බව දැන සිටියා"

ශ්‍රී ලාංකිකයින් විදෙස් ත්‍රස්ත සංවිධාන සමග කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නැහැ - අගමැති කියයි

by Staff writer 26-04-2019 | 7:12 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව රජය දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව ය. https://twitter.com/SkyNews/status/1121477348040282112