පොලිස් නිලධාරීන් 12කට දුන් ස්ථාන මාරුව අත්හිටුවයි

පොලීසියේ ඉහළ නිලධාරීන් 12කට දුන් ස්ථාන මාරුව අත්හිටුවයි

by Staff writer 26-04-2019 | 2:04 PM
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් 12 දෙනෙකුට ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටු වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම නිවේදනය කළේ, රජය පත් කළ කොමිසමකින් ක්‍රියාත්මක විමර්ශනයට බාධා ඇති වීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බව ය. සේවා ප්‍රමුඛතාව හා අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් කළ බව ජාතික පොලිස් කොමිසම මීට පෙර නිවේදනය කළේ ය.