පොලිස්පති විශේෂ ජනපති කමිටුව හමුවට

පොලිස්පති පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කමිටුව හමුවට

by Staff writer 26-04-2019 | 4:21 PM

COLOMBO (News 1st) - පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිවයිනේ ස්ථාන 7 ක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනපති කමිටුව හමුවට පැමිණ තිබේ.

එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විතයි. ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදුවූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුලත වාර්තා කරන්නැයි එම විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.