ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා විභාගය සඳුදා සිට

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා සිට

by Staff writer 26-04-2019 | 9:48 AM
COLOMBO (News 1st) - පවතින ආරක්ෂක තත්ත්වය යටතේ කල් දැමූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා සිට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විද්‍යා පීඨ 19ක අපේක්ෂක අපේෂිකාවන් පිරිසක් ඊට පෙනී සිටීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර පවතින තත්ත්වයත් සමග ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක් කල් දමා තිබේ. ඒ අනුව ලබන 28 වන දා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීමේ විභාගය කල් දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අද නාවල විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඉන්ජිනේරු සහකාරවරුන් බඳවා ගැනීමේ තරග විභාගය ද කල් දැමූ විභාග අතරට අයත් ය.