කඩු 46 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදියේදී කඩු 46 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 26-04-2019 | 3:22 PM

COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කඩු 46 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබි කිනිසි 15 ක් සහ යුද හමුදා නිල ඇඳුම් 25 ක් ද සිය භාරයට ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.