කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක්

කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 26-04-2019 | 10:02 AM
COLOMBO (News 1st) - කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එරටට බලපා ඇති ජල ගැලීම් හා ගංවතුර හේතුවෙනි. මේ වන විටත් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර දහසකට අධික පිරිසකට ඉන් බලපෑම් එල්ල වී තිබේ. ඉදිරි දිනවල පවතින ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවට එරට කාලගුණ බලධාරීහු පුරෝකතනය කළහ.