කල්මුණේ වෙඩි හුවමාරුවක්

කල්මුණේ සෝදිසි මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවක්

by Hashini De Mel 26-04-2019 | 7:47 PM

COLOMBO (News 1st) - කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.

යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.