by Staff writer 26-04-2019 | 5:46 PM
COLOMBO (News 1st) - කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු දත්තවලට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ශ්‍රී ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීම නිසා ඇතිවිය හැකි ආපදාකාරී තත්ත්වය තුළ දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට සහ ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට වැඩි බලපෑමක් ඇති වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතයනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.
එම ප්‍රදේශවල දැනටමත් නාය යාම් අවදානම් හඳුනාගත් කඳුකර බෑවුම් ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලා සිටී.
භූමියේ පැලීම්, බොර දිය උල්පත් ආදී නාය යාම් ලක්ෂණ ඇති වුවහොත් එම ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසත් විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු දත්තවලට ඉදිරි දින කීපය තුළදී වැඩි අවධානයනින් කටයුතු කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
යම් ඕනෑම හදිසි තත්ත්වයකදී 117 යන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ද දන්වා සිටි.
මූලාශ්‍ර - රජයේ නිල පුවත් වෙබ් අඩවිය