ඔබත් බස් රථ මගියෙක් ද? මේ පිළිබඳ ඔබ දැනුවත් ද?

ඔබත් බස් රථ මගියෙක් ද? මේ පිළිබඳ ඔබ දැනුවත් ද?

by Chathuranga Rajapaksha 26-04-2019 | 5:15 PM

COLOMBO (News 1st) - රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බස් සේවකයින් දැනුවත් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව බස් රථ තුළට පාර්සල් භාර ගැනීම තාවකාලිව නතර කර ඇති බවය. ඊට අමතරව මගීන් සිය ගමන් මළු ළඟ තබාගෙනම බස් රථයේ ගමන් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. සැක කටයුතු පුද්ගලයෙකු හෝ පාර්සලයක් දුටුවහොත් වහාම අදාළ ආරක්ෂක දැනුවත් කරන ලෙසට ද බස් සේවකයින්ට උපදෙස් දී ඇති බව ඔහු සඳහන් කළේය. මේ අතර රට තුළ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් මේ දිනවල පෞද්ගලික බස් රථ තුළ ගමන් කරන මගීන්ගේ විශාල අඩුවක් පවතින බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.