ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වේ

by Staff writer 26-04-2019 | 10:19 AM
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස් වේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධූරය සහ විගණකාධිපති ධූරය සඳහා නාම යෝජනා සලකා බැලීම මෙහිදී සිදු කරනු ඇති බව ය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වය දරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි සාමාජිකයෙකු වූ චමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නම ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා ඇති අතර ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය බොහෝ දුරට ලැබෙනු ඇති බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.