සිරගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාව ලබා දෙන්නැයි අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

by Staff writer 25-04-2019 | 2:24 PM
COLOMBO (News 1st) - ජාතික අවශ්‍යතාව සලකා දැනට සිරගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබා දිය යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කරයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීම සඳහා සිදු කෙරෙන ක්‍රියාදාමයන් සාර්ථක වී නොමැති බව ය.