COLOMBO (News 1st)
UPDATE : (9.30PM) : විමර්ශනවලට අදාළව අවශ්‍ය බවට පොලීසිය නිකුත් කළ ඡායාරූප අතරින් අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් ඡායාරූපය එය නොවන බව පොලීසිය නිවැරදි කිරීමක් කර තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඡායාරූපය වැරදි අතර අවශ්‍යයවී ඇත්තේ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමැති සැකකාරිය බවයි.

____________________________________________________________________________
COLOMBO (News 1st) : පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළව පහත ඡායාරූපවලින් දැක්වෙන සැකකරුවන් හා සැකකාරියන් හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් , ෆාතිමා ලතිෆා, මොහොමඩ් ඉවුහයිම් ශාහීඩ් අබ්දුල්හක්, පුලස්තීනි රාජේන්ද්‍රන් නොහොත් සාරා , අබ්දුල් කාදර් ෆාතීමා කාදියා, මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් යන සැකකරුවන් හා සැකකාරියන්ගේ ඡායාරූප මෙලෙස මාධ්‍යයට නිකුත් කර තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ, මොවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකතන අංකවලට දැනුම්දෙන ලෙසයි.
දුරකතන අංක :
071- 8591771
011-2422176
011-2395605
https://www.youtube.com/watch?v=Bm5mGxUue-8