බෝම්බ ප්‍රහාරවලින් මියගිය ගණන පහළ බසී

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 359 සිට 253 දක්වා පහළ බසී

by Staff writer 25-04-2019 | 10:45 PM
COLOMBO (News 1st) : පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 359ක් ක් බව කලින් ප්‍රකාශ වුව ද දැන් එම සංඛ්‍යාව 253 කට ආසන්න බව සඳහන් කරමින් සොඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥය වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව සඳහන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මූලික අවස්ථාවේ මළ සිරුරු විශාල ලෙස හානි වී තිබීම නිසා මෙම ගණනය කිරීමේ දෝෂය ඇතිවන්නට ඇති බවයි.