නුවරඑළියේ ඇළකින් ‍ඩෙටනේටර් 200ක් සොයා ගැනේ

හාවාඑළියේ ඇළකින් ‍ඩෙටනේටර් 200ක් සොයා ගැනේ

by Staff writer 25-04-2019 | 4:42 PM
COLOMBO (News 1st) : නුවරඑළිය, හාවාඑළිය මහින්ද මාවත ප්‍රදේශයේ ඇළක තිබී ඩෙටනේටර් 200 ක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලද තොරතුරක් මත අද දහවල් මෙම ඩෙටනේටර් සොයාගත් බවයි. ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.   https://www.youtube.com/watch?v=IwxCasVVkxw